FAQ

බොක්ස් නිවසක් එම නමෙන්ම කියවෙන විදියට හතරැස් ආකාරයෙන් යුක්තයි. සාමාන්‍ය ක්‍රමයේ ආනත වහලක් වෙනුවට එහි පැතලි ස්ලැබ් එකක් ‌යොදන ලද රූෆ්ටොප් එකක් පවතිනවා. ඒ වගේම වහලය වගේ බිත්තිවලින් පිටතට පන්නන්නේ නැතිව බිත්තියේ සීමාවෙන් ස්ලැබ් එක නතරවෙන බහුලව දකින්නට පුළුවන්.

සාම්ප්‍රදායික නිවසකට වඩා කාර්යක්ෂමව ඉඩකඩ භාවිත වීම නවීන පෙනුම වහලයක් ගහනවාට වඩා මිල අඩුවීම, රූෆ්ටොප් එක මඟින් විවිධ ප්‍රයෝජන ගැනීමට හැකිවීම ආදී වාසි බොක්ස් ක්‍රමයේ නිවෙස් ජනප්‍රිය වීමට හේතුවක් වෙනවා.

තාප පරිවාරකයේ දීම, බිත්ති තරමක් උස බැවින් සිසිල් යුක්ත වීම, වාතය හුවමාරු වෙන ස්ථාන සකස් කිරීම මඟින් තාපය නිවෙස් තුළට පැමිණීම අවම කරගත හැකිය. ස්ලැබ් එකට තාපය උරාගන්න අවම කරන්නට රූෆ්ටොප් එකේ අතුපතර විහිදිනු මල් ගස් සහිත පෝච්චි තැබීමත්, ආවරණ සකස් කිරීමත් යොදා ගන්නට පුළුවන්.

බොක්ස් ක්‍රමයේ නිවාසයක් දිනපතාම හිරු එළියට උණුසුම් වීමේදී ස්ලැබ් එක ප්‍රසාරණය වීමත් රාත්‍රී කාලයට එය නැවතත් සංකෝචනය වීමත් සිදුවෙනවා. මේක ඇහැට නොපෙනෙන සුළු ප්‍රමාණයකින් සිද්ධවුනත් ඒ නිවසේ බිත්තිවලට බිම්වලට අමතර ආතතියක් නැත්තන් stress එකක් ඇතිවෙන්න පුළුවන් දෙයක්. මේ නිසා කාලයක් ගතවෙද්දී බිත්ති ඉරිතැලීමට සහ කොටස් ගැලවීමට ඉඩකඩක් තිබෙනවා.

බිත්ති තරමක් ඝනකමට නිර්මාණය කිරීමෙනුත් ප්‍රසාරණය සිද්ධවෙන වෙනස අඩුකරගෙන මෙම ගැටළු අවම කරගන්න පුළුවන්. බ්ලොක් ගල් වෙනුවට ගඩොල් යොදා ගැනීමත් සාර්ථක ක්‍රමයක්. ගඩොල් වලට ස්වභාවයෙන්ම ආතතිය උරාගන්න වැඩි හැකියාවක් පවතින නිසා ඉරිතැලීම් ආදිය අවම කරගත හැකිය. මීට අමතරව කලින් කොටසේ කියූ විදියට ස්ලැබ් එකට ලැබෙන තාප ප්‍රමාණය අඩුකරන විසදුම් යොදා ගැනීමත් මෙම බලපෑම් අවම වෙනවා.

ස්ලැබ් එක නිවැරදිව වෝටර් පෘෆ් කිරීම අනිවාර්යය කාර්යයක්. ස්ලැබ් එක දාලා මාස හයක් හෝ උපරිම අවුරුද්දක කාලයක් තුළ මෙය සිදුකර ගැනීම ඉතාම වැදගත්. දීර්ඝ කාලයක් ස්ලැබ් එකේ කොන්ක්‍රීට් තට්ටුව අව්වට, වැස්සට නිරාවරණය වුනාම එයට වතුර කාන්දු වීමේ ඉඩකඩ වැඩියි. එවිට වෝටර් පෘෆ් කිරීමත් අපහසුයි. වෝටර් පෘෆ් කිරීමෙන් පස්සේ ස්ලැබ් එකේ වතුර ගලායෑමේ සුළු බෑවුමක් එන විදියට ලෙවල් කිරීමක් සිද්ධ කරගන්න ඕනී. ස්ලැබ් එක ටයිල් කිරීමත් මේ වෙද්දීි ගොඩාක් ජනප්‍රියයි. කොහොම වුනත් එකතුවන ජලය ගලා යෑමට සුදුසු ප්‍රමාණයේ හිඩැස් තැබීම හා ජලය පහළට ගෙනයන බට පිළිබඳවත් සැළකිළිමත් විය යුතුමයි. තද වැසි පවතින වෙලාවට අප නොහිතන තරම් විශාල වතුර ප්‍රමාණයක් ස්ලැබ් එක මතට එකතු වෙනවා. උදාහරණයක් කිව්වොත් 100ml ක වැස්සක් වැටෙන අවස්ථාවකදී ඔබගේ ස්ලැබ් එකේ වර්ග මීටරයක් තුළට 100l ක වැසි ජලයක් එකතුවෙනවා. වැටෙන වතුර ප්‍රමාණය හරියාකාරව වෙන්නොවී එකතු වුනොත් ඉන් කොන්ක්‍රීට් එකේ පළුදු ඇතිවෙන්නට පුළුවන්. මේ නිසා දීර්ඝ කාලයක් ගතවෙද්දී ස්ලැබ් එකේ වතුර කාන්දු වෙන්නත් ඉඩකඩ තියෙනවා. 

ජනෙල් දොරවල් water proofing කිරීම මේ සඳහා ප්‍රධාන විසදුමයි. එමෙන්ම ජනෙල් සඳහා වැහි කූඩු ගැසීම මඟින්ද ජනෙල් ආරක්ෂා කර ගැනීම මෙන්ම නිවසට වැඩි පෙනුමක් ලබා ගැනීමටද උපකාරී වේ.