About Us

 “ත්‍රිෂාලා ක්‍රන්ස්ට්‍රක්ෂන්” අපි ගැන ‍ප‍ොඩ්ඩක් දැන ගන්න. 

            කන්ස්‍ට්‍රක්ෂන්ස් කිව්වම මේ දවස් වල හැම‍ෝම කියන්න‍ේ ක‍ොහ‍ොමද අප්පා ගෙවල් හදන්න‍ේ සිමෙන්ති ගන්න විදියක් නැහැන‍ේ, බාස්ලා එක්ක හරි කරදරයිනේ කියලා ඔය වගේ කතා ගොඩායි. 2015 වසරේ අපි පොඩිය‍ට පටන් ගන්නකොට අපිටත් අත්දැකීම් ‍‍‍ගොඩාක් අඩුයි. ඒත් දැන් වෙද්දී ඒ කියන්නේ 2022 ජනවාරි වෙද්දී අපි ගොඩාක් අත්දැකීම් එක්ක ‍ගොඩාක් කැපකිරීමකින් ඉහළට එන සමාගමක්.

           අවුරුදු 7ක් ව‍‍ගේ කාලයකින් අපි ‍ගොඩාක් ‍දේවල් කලා. නිර්මාණත්මක නිවාස, ගොඩනැගිලි අ‍‍නෙකුත් කන්ස්ට්‍රක්ෂන් වැඩ ගොඩාක් කලා. සයිට් එ‍කේ ෆො‍ටෝස් දාලා තියෙනවා  ඔයාලාට බලන්න පුළුවන්. මුලින්ම බාස් කෙ‍නෙක් සහ ගෝල‍යකු‍ගෙන් පටන් ගත්ත අපි දැන් ‍මේ ක්‍ෂේත්‍රයේ ඕනෑම ඉදිකිරීම් කටයුත්තක් කිරීමේ හැකියාව ඇති වගකිව යුතු ආයතනයක් බවට පත්ව ඇත.

            එ‍සේම තවත් සතුටුදායක කරුණ වන්‍‍නේ 2015 වසරේදී අප තනි පුද්ගල ව්‍යාපාරයක්ව පටන් ගත්තත් අද වන විට එනම් 2022 ජනවාරි මස අප Mpower Holding (Pvt)Ltd සමාගම සතු උප සමාගමක් බවට පත්වීමයි.

            ‍‍‍‍මේතාක් දුර ගමනක් යන්න අතහිත දුන් හැමෝටම ස්තූතියි. අතහිත කිව්වේ අපිව විශ්වාස කරලා තමන් ජිවිත කාල‍ේටම ජිවත්‍ ‍ව‍ෙන්න හදන නිවහන අපිට කියලා ඉදිකරවා ගත් හැ‍‍‍ම‍ෝටම, නිවහන විතරක් නෙවෙයි සෑම ඉදිකිරීමක්ම අප ආයතනය හරහා ඉදිකිරවා ගත් සැමට ස්තූතියි.

             තාම අපිට අවුරුදු 7යි. තව ‍ල‍ොකු ගමනක් ති‍ය‍ෙනවා. අපිට අවුරුදු 7යි වුනාට අපේ වැඩ නම් ඉතා විශිෂ්ඨ නිමාවකින් යුක්තයි. ඒ බව අ‍ප‍ෙන් වැඩ කරවාගත් සියලු ‍ද‍ෙනාම දන්නවා. ඔයත් අලුතින්ම අපිව අදුනගත්ත ‍කෙ‍‍නෙක් නම් Web Site එ‍ක‍ේ පොඩ්ඩක් එ‍හ‍ෙට ‍ම‍ෙ‍හ‍ෙට ගිහින් බලන්න. කරපු වැඩ වල ගොඩාක් photos දාලා තියෙනවා. photos ගන්න බැරිවුන වැඩත් ගොඩාක් කරලා තියෙනවා.

             කොහොම වුනත් දැන් අපි මුලු දිවයින පුරා ඔයාලගේ ඕනෑම ඉදිකිරීමේ කටයුත්තක් කරන්න අපි සුදානම්.Contacts Number වලට Call කරන්න. අප ඔබ සඳහාම නිරතුරුව බැඳී සිටිනවා.

                                                                                                                                                  ස්තූතියි.
                                                                                                                                                  මෙයට
                                                                                                                                                  විශ්වාසී
                                                                                                                                                  මිනෝලි රත්නායක.